නිකං ඉන්න එකේ මට හිතුණා අද අමුතුම ජාතියේ POST එකක් දාන්න ඕනෑ කියලා..බය වෙන්ට කාරි නැතුවා අද මේ කියන්න යන්නේ පොඩි අත් බෙහෙතක්.
ගොඩක් අයට තියෙන ලෙඩක් නොවැ ආමාශ ප්‍රදාහය කියන්නේ...ඔයාලටත් හැදිලා ඇතිනේ..ආහ් මේකට කියන සිංහල නම තමා ගැස්ට්‍රයිටීස්...සමහරු මේක හැදුනාම ඩයිජින්,ඔමෙප්‍රසෝල් වගේ බෙහෙත් අරං යන්නේ dimo බට්ටා ලොරි පිටින්..යෝගට් එහෙමත් කන උදවිය ඉන්නවා..ඒත් කිරි බඩේදී ඇමයිනෝ අම්ල(හරිද මන්දා) හදන නිසා යෝගට් කෑවහම ලෙඩේ ඩබල් ත්‍රිබල් වෙන්නත් පුළුවන්...හරි ඔන්න එහෙනම් මම බෙහෙත මොකද්ද කියලා කියන්නම්කෝ..කිතුල් පිටි කැඳ සහ කුරක්කන් කැඳ බොන්න පුලුවන් නම් ගෑස් අඩු කරගන්න පුළුවන්..සතියට දෙපාරක් තුන්පාරක් විතර බොන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි..කිතුල් පිටි කැඳ හදන විදිහ මෙතැනින් බලාගන්න පුළුවන්...ඔන්න එහෙනම් අපි ගියා...ජය වේවා!!!





